Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Jaffna District Fisheries Solidarity, Celebrated World Fisheries Day with National Fisheries Solidarity Movement

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2020 නොවැම්බර් මස 21 වන දිනට යෙදුණු 23 ජගත් ධීවර දිනය අභිමානයෙන් ස්වකීය ජනතාව හා එක්වෙමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා එක්වෙමින් යාපනය ධීවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යාපනය ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා ද මෙහි ආරාධිතයා ලෙෂ පැමිණි නැගෙනහිර සභාපති ත්‍යාගරාසා නීරෝට්ටම් මහතා ද, නල්ලූර් ප්‍රාදේශීය සභා සමාජිකා කෝසලා, උතුරු පළාත් ධීවර ව්‍යාපාරයේ නායක එන්.වී සුබ්‍රමනියම් මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඊ.මුරලිදරන් මහතා ද යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් නියෝජිතයින්, ග්‍රාමීය ශ්‍රමිකයින්, සමාගම්වල නියෝජිතයින්, ධීවර සහ ව්‍යාපාරවල දිස්ත්‍රික් නියෝජිතයින්, ප්‍රජා කණ්ඩායම්වල නියෝජිතයින් ද 30 පමණ මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගෙවී ගිය ද අද වන විටත් බොහෝ දෙනෙකු සඳහා ඉඩම් නිදහස් කර දී නොමැති අතර බොහෝ ජනතාවක් අදටත් අවතැන් කඳවුරුවල වාසය කරති. වසර 37 ගෙවී ගියද නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදු වී නොමැති බවයි. නීල ආර්ථිකය නමින් මුදල් කිඔුලන් සම්පත් සූරා කමින් විනාශ කරමින් තහනම් ක්‍රම හා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම නිසා මුහුදු සම්පත් විශාල බලපෑමට ලක් ව ඇත. මෙය ඉක්මනින් නතර කළ යුතු ක්‍රියාවලියක් බව ඔවුන් සියලු දෙනා මේ අවස්ථාවේ සඳහන් කළහ.