Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් ධීවරයින්ගේ සත්‍යග්‍රහයේ 06 වන දිනයේ විසදුමක්

මුලතිව් මුහුදේ ඉන්දීට ට්‍රෝලර් ආක්‍රමණය නිසා විපතට පත් ධීවරයින් ඉන්දීය ට්‍රෝලර් මෙරට මුහුදු සීමාවට පැමිණ ධීවර කර්මාන්තයේ නියැලීමට එරෙහිව අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර ඒ සදහා ධීවරයින් විශාල පිරිසක් එක් වූහ. මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ධීවර ඇමතිවරයා ධීවරයින් සත්‍යග්‍රහය කරන ස්ථානයට පැමිණ මෙම ගැටලුවට විසදුම් ලබා දී එම ගැටලුව සමතකට පත් කිරීමට කැමැත්ත පල කළ අතර 2020 දෙසැම්බර් මස 31 පැවැත්වීමට නියමිත ඉන්දීය ශ්‍රී ලංකා සාකච්ඡාවෙන් පසු ලැබෙන ප්‍රතිචාර පදනම් කරනෙ නැවත සත්‍යග්‍රහය වෙත යොමු වන බව ඔවුන්ගේ අදහස වූහ.