Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මාඑළිය වැව්තාවුල්ලේ දියත් කළ රුක් රෝපණ වැඩසටහන

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාස ජාලය විසින් දියත් කළ වැව් හා කලපු පිළිබඳව සමීක්‍ෂණයේදී ගත් තීරණයක් අනුව වැව් ආශ්‍රිත පැළ රෝපණය කිරීම 2020 නොවැම්බර් මස 25 වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්පතිගම ග්‍රාමයේ මා එළිය වැව් තව්වුල්ලේ දී සිදුවිය. වන ගහණය දිනෙන් දින ක්ෂය වන මෙවන් කාලයක වන සංරක්‍ෂණය හා රුක් රෝපණය අතිශය කාලීන වැදගත්කමකි. වන ගහණය වැඩි කර හරිත පරිසරයක් නිර්මාණය කිරීමට ගත් මෙම කුඩා උත්සහය අතිශයින්ම අගය කළ යුතුය. මා එළිය ධීවරයින් එකරාශි වෙමින් හා ප්‍රදේශයේ ජනතව සමඟින් එක්ව මාඑළිය වැව්තාවුල්ලේ පැළ 500 ක් පරිසරයට මුදා හරින ලදී. මෙම අවස්ථව සඳහා ප්‍රාදේශි සභාවේ මන්ත්‍රීවරු, නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්, මාඑළිය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ද පොල්පිගිතම ප්‍රජා ශක්ති සහයෝගතා සන්සදයේ සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ. පරිසරය විනාශය කරන මෙවන් මේ අවස්ථාවක පැළයක් හෝ සිටුවා වන ගහණයට උර දීමට ප්‍රජා අභිලාස ජාලය ගත් තීරණය අතිශයින්ම අගය කළ යුත්තකි.