Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දිස්ති‍්‍රක් කි‍්‍රයාකාරීන් සහ තරුණ ප‍්‍රජාව සදහා ලබා දුන් සමාජ මාධ්‍ය පුහුණුව

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය දිස්ති‍්‍රක්ක 15 පුරා විසිරි සිටින දිස්ති‍්‍රක් කි‍්‍රයාකාරීන් සහ තරුණ ප‍්‍රජාව සදහා සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබද සමාජ මාධ්‍ය පුහුණුවක් 2020 දෙසැම්බර් මස 17 වන දින දිස්ති‍්‍රක් කි‍්‍රයාකාරීන් සහ තරුණ ප‍්‍රජාව සහභාගිත්වයෙන් ZOOM තාක්‍ෂණය ඔස්සේ පැවැත්විණ.
වැඩසටහන්වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම හා කි‍්‍රයාත්මක වන වැඩසටහන් මොනවාද යන්න ද සමාජ මාධ්‍ය වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍යය තරුණ නායකත්වය ගොඩනැගීම ද මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කිරීම සදහා යෝග්‍ය වැඩපිළිවෙලක් සැකසීම යන අරමුණු පෙරදැරිව සමාජ මාධ්‍ය පුහුණූව පැවැත්විණ. මෙම පුහුණුව තුළ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය තුළ භාවිතා වන Blogger, Twiiter, Facebook  සහ Youtube ආදී සමාජ මාධ්‍යවල වත්මන් කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් අදහස් බෙදා ගන්නා ලදී. ධීවර සහයෝගිතා ව්‍යාපාරය උන්නතිය හා දිස්ති‍්‍රක්කවල මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය පිළිබදව සාකච්ඡුා පිළිබදව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කාරතුමන් විසින් සිදු කළේ ය. සමාජ මාධ්‍ය පුහුණු සැසිය සදහා ගයාන් අබේගොඩ මහතා ද ගාමිණි තිලකරත්න ද මහතා නුවන් ප‍්‍රදීප් මහතා ද  පි‍්‍රයංකර කොස්තා මහතා ද ප‍්‍රදීප් වනිගසූරිය මහතා ද ප‍්‍රදීප් ලක්සිරි මහතා ද නාලක රොසයිරෝ මහතා ද සම්පත්දායකත්වය ලබා දෙන ලදහ.