Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පානම ජනතාව කබලෙන් ලිපට

  

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනරම් පරිසරයකට උරුමකම් කියන ඵෙතිහාසික වශයෙන් වැදගත් පානම ගම්මානයේ ජනතාවගේ සාමාන්‍ය ජන දිවිය අද වන විට අවුලෙන් අවුලට පත්ව ඇත. 2010 වර්ෂයේ පානම රාගම්වෙල ජනතාවගේ ඉඩම් කොල්ලකෑමෙන් අනතුරුව රට තුළ අභ්‍යන්තර අවතැන්කරුවන් බවට ඔවුහූ පත් වූහ. තම පාරම්පරික ඉඩම අහිමි වීමෙන් ස්වකීය ආර්ථිකය පවා විනාශ වූ රාගම්වෙල වැසියෝ දිනෙන් දින ඉතා කටුක දිවියක් ගත කරමින් සිටි හරිහැටි අහරක් පවා නොමැති ඔවුන් තමන්ගේ වගා පවා සතුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට නිරන්තර අරගලයක යෙදෙමින් සිටි. වන අලින්ගෙන් වගාවන්ට සිදුවන හානි අතොරක් නොමැති රාගම්වෙල ජනතාවට අලි වැටක් පවා නොමැතිව තම වගා ආරක්‍ෂා කර ගැනීමට නිදි වරා මහන්සි වීමට සිදුව ඇත. අද වන විට වන අලීන්ගෙන් සිදු වන හානි නිසා ඔවුන්ගේ බෝග වන අලීන්ගේ ගොදුරු බවට පත්ව ඇත මේ නිසා රාගම්වෙල ජනතාවගේ අහිංසක ඉල්ලීම වන්නේ කඩිනමින් විදුලි වැටක් ඉදි කර දී තමන්ගේ වගා ආරක්‍ෂා කර දෙන ලෙස ය.
පානම ජනතාවගේ ජන දිවිය කබලනේ ලිපට වැටුණා සේ දැනෙන්ට වන්නේ අද වන විට අසන්නට ඇති කොටින්ගේ ගම්වැදීම හේතුවෙනි. නිරන්තරයෙන්ම දිගන් දිගටම කොටින්ගෙන් සිදු වන ප්‍රහාර හේතුවෙන් පානම රාගම්වෙල වැසියෝ භිතිය ද පත් ව ඇත. 

අද වන විට කොටි ගම්මානවලට ප්‍රවිෂ්ට වීම නිසා ජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතය බාධක ගණනාවකට ගොදුරුව ඇත. නිදහසේ ගමනක් හෝ යෑමට හැකියාවක් නොමැති පානම ජනතාවට කොටින්ගේ බලපෑම නිසා තම දිවියෙන් පවා වන්දි ගෙවීමට සිදු ව ඇත. වගා කටයුතු සදහා ගොයමට ගිය ගොවීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දරුණු ලෙස කොටියෙකුගේ පහර කෑමට ලක් වූ අතර ඔහුට සිය දිවි පවා අහිමි වු අවාසනාවන්ත පුවතක් පානමෙන් අසන්නට ලැබුණි. කෙසේ වෙතත් පානම ජනතාවට කොටීන් ගම් වැදී සිදු කරන මේ අනසි ක්‍රියා තනර කිරීමට පානම ජනතාවට උදව් කිරීම අප සැමගේ යුතුකම නොවන්නේ ද?