Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම දිස්ත්‍රික් තරුණ හමුව

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ හමුව 2021 ජනවාරි 07 වන දින පැවැත්විණි. මෙම අවස්ථාව සදහා මන්නාරම් දිස්ත්‍රික් තරුණ තරුණියන් 17 දෙනෙකු පමණ සහභාගි වූහ. මෙම තරුණ හමුවේදී ජනවාරි මාසයට අදාල තරුණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා විය. දවුත් බාර් මුහුදු තීරයේ ගොඩගැසි ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍යය ඉවත් කිරීමත්, කඩොලාන නැවත රෝපණය කිරීමත් පොදු ස්ථානවල ශාක සිටුවීමත් යන ක්‍රියාකාරකම් සිදු  කිරීමට තීරණය විය. මෙම අවස්ථාව සඳහා මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බෙනඩික් කෲස් මහතා ද කාන්තා කටයුතු සම්බන්ධිකාරක ප්‍රියන්තා මහත්මිය ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.