Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව දිස්ත්‍රික් උරුගාමම් කාන්තා කමිටු රැස්වීම

  

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක උරුගාමම් කාන්තා කමිටුවේ මාසික රැස්වීම 2021 ජනවාරි මස 08 වන දින උරුගාමම් ගම්මානයේ කාන්තාවන් 10 සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සදහා නිරෝෂා මෙනවිය සහභාගි වු අතර මෙම කමිටු රැස්වීමේදී මෙම වර්ෂයට අදාළ ඉතිරි කිරීම වැඩි කිරීම පිළිබදව අවධානය යොමු කළ අතර උරුගාමම් කාන්තා කමිටුව සදහා නව සාමාජිකාවන් බදවා ගැනීම සහ මෙම මස අවසානයේදී උරුගාමම් පෙර පාසලේ ශ්‍රමදානයක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරිණි.