Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දකුණේ ධීවර සංවිධානයේ පැළ සිටුවීමේ ක්‍රියාවලිය


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජ වෙනසක් සදහා වු තරුණ ව්‍යාපාරය විසින් පරිසරයට දක්වන ආදරය ලෙන්ගතුකම වඩ වඩාත් තීව්‍ර කරමින් 73 වන නිදහස් දිනයට සමගාමීව පැළ සිටුවීමේ ක්‍රියාවලියක් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් දිස්ත්‍රික්ක ගණනාවක ක්‍රියාත්මක වූහ. පැළයක් සිටුවා දිවයක් රැක ගැනීමේ අරමුණින් යුක්තව සිදු කරන මේ සමාජ ව්‍යාපාරය සමගින් දිස්ත්‍රික්ක තරුණ ප්‍රජාව නිරන්තරයෙන්ම අත්වැල් බැද ගෙන සිටි තරුණයින් නිරන්තරයෙන් පරිසරයට දක්වන ලෙන්ගතු කිරීමක් ලෙස පැළ සිටුවා පරිසරය ස්වකීය දායකත්වය දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ගාල්ල මාඩවිල ග්‍රාමය මුල් කරගනිමින් පැළ සිටුවීම ජාතික නිදහස් දිනයේදී එහි සාමාජිකත්වය විසින් සිදු කරන ලදී.