Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව - මිරිදිය ධීවරයින්ගේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව

 

ධීවරයින් අතර කරදිය ධීවර කර්මාන්තය හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි කෙසේ වෙතත් අද වන විට මෙරට කරදිය ධීවර කර්මාන්තය විශාල අර්බුද ගණනාවකට මුහුණ දෙමින් සිටි. මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව චෙන්කලාඩි ධීවරයින් මුහුණ දෙන ධීවර ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ධීවර පිරිසගේ සහභාගිත්වයෙන් මඩකලපුවේ චෙන්කලාඩිහි පැවැත්විණි. මඩකලපුව කිතුල් තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේදී පැවැති මාධ්‍ය සාකච්ඡාව මෙහෙය වූයේ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකාරක විසිනි. අද වන විට ධීවර කර්මාන්තයට අත් වී ඇති මෙම ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සාකච්ඡාවට ලක් විය. මෙම අවස්ථාවේදී ධීවරයින් මුහුණ දෙන ගැටලු අතර නෙලා ගත් මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ද ධීවර අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිළිබඳව සාකච්ඡා විය. මෙම සාකච්ඡාව සඳහා කිතුල්, සර්වෝදනගර්, වෙලිකොන්ඩ, කෝප්පවේලි, උඩුක්කමම් සහ මාරප්පලම් යන ගමිමානවල ධීවරයින් මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගි වූහ. අවසාන වශයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ සහයෝගය පැතීමට ද තීරණ විය.