Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල දිස්ත්‍රික් තරුණ නායකත්ව පුහුණුව

තරුණයා යන්න නිර්වචනය කළහොත් ඔහු සෑම විටම අභියෝග දරන්නෙකු මිස පසුගාමී පුද්ගලයෙකු නොවිය යුතුය තරුණ ප්‍රජාව සමාජයේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම පෙරමුණ ගෙන ඉදියෙන්ම කටයුතු කරනවා විනා කිසි විටෙකත් පසුගාමි තත්ත්වයකට පත් නොවන චරියක් නොවේ. එම නිසා තරුණයා සෑම අවස්ථාවක අභියෝග දරන්නට පන්නරය ඔහු සතු වීම අනිවාර්ය වේ. මේ කරුණ ස්වකීය දෙවුර මත තබා කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදය විසින් 2021 පෙබරවාරි මස 04 සහ 05 වන දෙදින පුරා ක්‍රියාත්මක කළ අතර මේ නායකත්ව පුහුණුව සදහා තරුණ තරුණියන් 80 දෙනෙකු පමණ සහභාගි වූහ. මෙම නායකත්ව පුහුණුවේදී තරුණයින් හට අභියෝග දරමින් කටයුතු කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් ඇසුරින් කියා දුන් අතර සහෝදරත්වය එකමුකම තුළින් ජයග්‍රහණය කරා යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ප්‍රබල පාඩමක් කියා දීමට මෙය ප්‍රබල අවස්ථාවක් විය. මෙම අවස්ථාව සදහා කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ සම්බන්ධිකාරක සම්පත් සංජීව මහතා මෙන්ම අජිත් රූපසිංහ මහතා ද සම්බන්ධ වූහ.