Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මිනිසා ආරක්‍ෂා වන්නේ පරිසරය ආරක්‍ෂා වුවහොත් පමණි. පැළයක් සිටුවා පරිසරය සුරකිමු

  

පරිසරය ආරක්‍ෂා කිරීමේ අරමුණෙන් සිදු කරන ක්‍රියාකාරකම් අතර පැළ සිටුවීම සුලභය. ජගත් පරිසර දිනය, ජගත් මිහිතල දිනය ආදී පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර දිනවලදී රුක් රෝපණය සාමාන්‍යයෙන් සිදු කරන සුලභ කටයුතුත්තකි. පැළ සිටුවීමේ වැදගත්කම පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. පැළයක් පරිසරයට අත්‍යාවශ්‍ය අංගයක් වන අතර එය සමස්ත මිනිස් වර්ගයාගේ ජිවයේ රඳා පැවැත්මට බලපාන සාධයකි. මිනිස් වර්ගයාට සෙත සදන පරිසරය ආරක්‍ෂා කිරීම සමස්ත මිනිස් වර්ගයාගේම යුතුකම වේ. මේ අනුව යමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජ වෙනසක් සඳහා තරුණ ව්‍යාපාරය විසින් පැළ රෝපණය කිරීම තුළින් පරිසරයේ ශාක ඝනත්ව ඉහළ අගයකට පත් කිරීමේ කාර්යය ස්වකීය වගකීමක් හා යුතුකමක් වශයෙන් සලකා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් දිස්ත්‍රික්ක 14 තුළ මේ දිනවලදී ස්වකීය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සමඟ සිදු කරමින් පවති. ගාල්ල, මාතර,කළුතර, මොනරාගල, පුත්තලම යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම ආදී දිස්ත්‍රික්කවල පැළ රෝපණය කිරීම සිදු කළ අතර ඇතැම් දිස්ත්‍රික්ක පැළ රෝපණය කිරීම 73 නිදහස් දිනය සමගාමීව සිදු කළහ.