Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් රුක් රෝපණ වැඩසටහන

පැලයක් සිටුවා පරිසරය ආරක්‍ෂා කිරීමේ වගකීම ස්වකීය තරුණ උර මත වත්මන් තරුණ පරපුර ඒ වගකීම මැනවින් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කිලිනොච්චි වලෛයිපාඩු ශ්‍රී වික්නේෂ්වර දමිළ විද්‍යෘලයේදී 2021 පෙබරවාරි මස 07 වන දින එම විද්‍යෘලයේ විදුහල්පතිවරයා ප්‍රමුඛ දරු දරියන්ගේ මූලිකත්වයෙන් සිදු විය අධ්‍යාපනය ලබන දරු දැරියන් ලෙස පැලයක් සිටුවීමේ ආදර්ශය ඔවුන්ට ලබා දීම ඉතා වටිනා කරුණක් ලෙස සදහන් කළ හැකිය මෙම අවස්ථාව සදහා කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය සහ සම්බන්ධිකාරක සදීෂ්වරම් මහතා සම්බන්ධ වූහ.