Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් සෙල්වපුරම් කාන්තා කණ්ඩායම් සාකච්ඡාව

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් සෙල්වපුරම්  ගම්මානයේ කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් 40 දෙනෙකු සඳහා වියළි ආහාර ලබා දීම 2021 පෙබරවාරි මස 23 වන දින එම ගම්මානයේ දී සිදු කළේ ය. තවද මෙම ගම්මානයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යාකච්ඡායක් ද මෙම අවස්ථාවේදී සිදු විය. පවතින කොව්ඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්‍ෂිතව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙම සාකච්ඡාව සඳහා යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා ද චිත්‍රා මෙනවිය ද සම්බන්ධ වූහ.