Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් තරුණ නායකත්ව පුහුණුව

  

තරුණයා නිරන්තරයෙන් අභියෝග දරන්නෙකු විය යුතුය. ඔහු නිරන්තරයෙන් අනෙක් අය සමග උරෙන්නුර ගැටෙමින් කටයුතු කිරීමට හැකි නායකත්ව ගුණාංග රැසක් ඔහු සතුව තිබීම අනිවාර්ය ගුණාංගයකි. ඒ බව වටහා ගත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2021 පෙබරවාරි 05 වන දින අම්පාර දිස්ත්‍රික් තරුණ තරුණයින් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් තම්බට්ටෙයි ස්ථානයේදී පැවැත්වෙණි. මෙම අවස්ථාව සදහා තරුණ තරුණියන් 28 දෙනෙකු සහභාගි වූ අතර සහකාර අධ්‍යක්ෂ එම් ඒ සී මොහොමඩ් රියාස් මහතා සහ රාජ්‍ය නොවන සංවිධානයේ සම්බන්ධිකාරක අයි එල් එම් මහතා ද මෙම අවස්ථාව සමග සම්බන්ධ වු අතර අම්පිර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය ද සම්බන්ධ වූහ.