Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පුත්තලම් දිස්ත්‍රික් තරුණ වැඩමුළුව

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් කරුවලගද්වැව ප්‍රජා ශක්ති පදනව විසින් තරුණ නායකයින් 12 සහ කාන්තා නායිකාවන් 04 දෙනෙකු සදහා තරුණ වැඩමුළුවක් 2021 පෙබරවාරි 12 වන දින කරුවලගස්වැවදී පැවැත්වෙණි. මෙම තරුණ වැඩමුළුවේදී කරුවලගස්වැව තරුණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පෙර වර්ෂවලදී කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හැරී බැලීමක් සිදු කළ අතර තරුණ නායකත්වය සහ පරිසරය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් තරුණ වගකීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ. අවසාන වශයෙන් තරුණ තරුණියින් වශයෙන් කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ මෙම අවස්ථාව සඳහා කරුවගස්වැව සමම්න්ධිකාරිකා ජයවති මහත්මිය සම්බන්ධ වූ අතර සම්පත්දායකත්වය ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රියංකර මහතා සම්බන්ධ විය.