Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ගාල්ල දිස්ත්‍රික් කාන්තා ආදායම් උත්පාදන වැඩසටහනේ පළමු ඇගයීම් වැඩසටහන

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ව්‍යාපෘතිාය යටතේ ක්‍රියාත්මක වන කාන්තාවන් සඳහා ආදායම් උත්පාදන මාර්ග සලසා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම යටතේ දිස්ත්‍රික්ක ගණනාවක මෙම වැඩසටහන දියත් කරන අතර ඉන් ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා ලබා දුන් ආදායම් උත්පාදන මාර්ගවල පළමු ඇගයීම 2021 පෙබරවාරි මස 23 වන ගාල්ලේදී පැවැත්විණ. මෙම ඇගයීම් ක්‍රියාවලියේදී ආදායම් උත්පාදන මාර්ග දියණු කර වැඩි වර්ධනය කර ඇත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ලවීනා හසන්ති මහත්මිය සහ ඇත්නතී ජේසුදාසන් මහතා සහ දකුණේ ධීවර සංවිධානයේ චන්න මහතා සම්බන්ධ වූහ.