Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ මහ සභාව

 

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජ වෙනසක් සදහා වු තරුණ ව්‍යාපාරයේ තරුණ මහ සභාව 2021 පෙබරවාරි 14 වන දින දිස්ත්‍රික්ක 15 තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණ වාර්ෂික තරුණ හමුවේදී ප්‍රථමයෙන් එදින සහභාගි වු සියලු තරුණ තරුණියන් කෙටි හඳුනාගැනීමක් සිදු කිරීමෙන් අනතුරුව ජාතික තරුණ කටයුතු සම්බන්ධිකාරක ලක්සිරි මහතා විසින් පැමිණ සිටින්නන් අමතන ලදී. ඉන්පසුව පාස්කු ප්‍රහාරය පිළිබදව මීගමුව ශ්‍රී විමුක්ති තරුණ කැල විසින් නිර්මාණය කළ කෙටි වීඩියෝව ප්‍රදර්ශන කළ අතර පසුව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා විසින් තරුණ කැල අමන්නට වූහ. ව්‍යාපාති කාල පරිච්ජේදයේ ඉදිරි වර්ෂ දෙක සදහා ක්‍රියාත්මක කරන්නට නියමිත තරුණ වැඩ සැලසුම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරුණ ජාතික කමිටුව පත් කිරීම සිදු විය.