Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

රජ්ගම කලපුව විනාශ මුඛයට, ரஜ்கம களப்பின் அழிவு

කසල නිසි පරිදි බැහැර කිරීම හෙවත් කසල කළමනාකරණය මේ වන විට පරිසරයක් ලෙස මුහුණ දෙන බරපතල ගැටලුවක් බවට පත්ව ඇත කසල නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් විශාල ගැටලු ගණනාවකට අත වනන තත්ත්වයට පත්ව ඇත. කලපු ගංඟාවලට කර්මාන්තශාලා ඇගළුම්හල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසි මේ පරිසර පද්ධති අපද්‍රව්‍ය ගහණ මාධ්‍ය බවට අද වන විට පත්ව ඇත. දිවයිනේ ඇති සුන්දර දැකුම්කළු කලපු අතරින් ගාල්ල රජ්ගම කලපුවට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. අද වන විට මේ සුන්දර රජ්ගම කලපුවත් කසල අනවසර බැහැර කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. මේ අනසි ආකාරයෙන් රජ්ගම කලපුවට කසල බැහැර කිරීම තදබල පරිසර විනාශයකට අතවනන්නක් වන අතර 2021 මාර්තු 17 වන දින දකුණේ ධීවර සහයෝගිතා කාර්යාලයේදී රාජ්ගම කලපු සංරක්‍ෂණ කමිටුවේ සාකච්ඡාවේ පාදක මාතෘකාවද වූයේ මෙයයි. කලපු සංරක්‍ෂණ කමිටුව සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකතුමා, දේවිනිගොඩ ග්‍රාම නිලධාරිතුමිය, රජ්ගම පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරීන්, හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ අවස්ථාවට සම්බන්ධ වූහ. පවතින කසල ඉවත් කිරීම ද කසල විකිණිමේ ක්‍රමවේදය හා ආයතන සම්බන්ධිකරණය යන කරුණු මෙහිදි තීරණ වශයෙන් ගන්නා ලදී.

ජනතාව කලපුව සුරැකීම තමාගේ පරම යුතුකම යැයි සිතන දවසක් උදාකර ගත යුතුය යන්න මෙහිදි සාකච්ඡා වූ ප්‍රබල අදහසකි මෙම අවස්ථාව සඳහා දකුණේ ධීවර සංවිධානයේ කාර්ය මණ්ඩලය ද සම්බන්ධ වූහ.

கழிவு முகாமைத்துவம் தற்போது சுற்றாடல் ரீதியாக பெரும் பிரச்சினைக்கு முகம் கொடுத்த நிலையில் உள்ளது. சரியான முறையில் கழிவு முகாமைத்துவம் செயற்படாமையால் மிகவும் பிரச்சினையாக காணப்படுகிறது. களப்பு, ஆறு போன்றவற்றிற்கு தொழிற்சாலைகளில் இருந்து கழிவுகள் போடப்படும் இதனால் எமது தீவில் காணப்படும் ஆறுகளின் முக்கிய இடத்தை காலி ரஜ்கம களப்பு வகிக்கிறது. இன்று இந்த களப்பு பிரதேசத்தை அண்டி கழிவுகள் போடப்படுவதால் சூழல் மாசடையும் நிலையில் காணப்படுகிறது. 2021. 03. 17 ம் திகதி தெற்கு மீனவ ஒத்துழைப்பு செயலகத்தில் ரஜ்கம களப்பு பாதுகாப்பு குழுவின் உரையாடல் இது தொடர்பானது. களப்பு பாதுகாப்பு குழு சார்பில் மக்கள் சுகாதார பரிசோதகர், தேவினிகொட கிராம அதிகாரி, ரஜ்கம பொலிஸ் அதிகாரிகள் ஹிக்கடுவ வனஜீவீ பாதுகாப்பு திணைக்களத்தின் அதிகாரிகள் இதில் கலந்துக் கொண்டனர். இங்கு காணப்படும் கழிவுகளை ஒதுக்குதல், கழிவு விற்பணை செய்தல் , பணியக இணைப்பு போன்ற விடயங்கள் தீர்மானங்களாக எடுக்கப்பட்டது. மக்கள் களப்பு பிரதேசத்தை பாதுகாத்துக் கொள்ளல் தமது கடமையாகும் என நினைக்கும் நாளை உறுதிபடுத்திக் கொள்ள வேண்டும். ஏன இங்கு கூறப்பட்டது. இந்த சந்தர்ப்பத்தில் தெற்கு மீனவ இயக்க பணியக குழுவும் கலந்துக் கொண்டது.