Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ක්ෂුද්‍ර මූල්‍ය ණයෙන් බැටකන කාන්තාවන් වෙනුවෙන් දියත් කළ අරගලය


අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමෙන් අන්ත අසරණ තත්ත්වය පත් වී ඇත. අසරණ කාන්තාවන්ට සරණක් වීමේ අදහසින් පිළිසරණය වන ක්ෂුද්‍ර මූල්‍ය ණය කරුවන් එම කාන්තාවන් කිසිදු දෙයක් කර කියා ගැනීමට නොහැකි තත්ත්වයට ඇද දමන්නේ සිත් පිත් නැති මිනිසුන් මෙනි. ඇතැම් කාන්තාවන් මේ තත්ත්වය දරා ගත නොහැකිව තම දිවියෙන් පවා වන්දි ගෙවු අවස්ථා වර්තමානයේ දක්නට ඇති අතර මේ සම්බන්ධයෙන් පාලකයින්ට හා ප්‍රතිපත්ති සම්පාදකයින්ට දැනුවත් කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුමෙන් පසු කොළඹ විහාර මහ දේවි පිටියෙන් අසලින් දැවැන්ත පා ගමනකින් ආරම්ඵ කොට අගමැති කාර්යාලය දක්වා පා ගමනින් ගොස් මේ ඇති වී තත්ත්වය ඔවුන්ට පැවසු අතර අවසානයේ නිලධාරින් සමඟ යම් සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් උදා විය මෙම අවස්ථාව සඳහා හිඟුරක්ගොඩ ජනතාව ද ඒක් වීම ද විශේෂත්වයකි. හිඟුරක්ගොඩ ජනතාව ද ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමෙන් අසරණ ජනතාව වෙනුවෙන් අඛණ්ඩ සතග්‍රහයක් ආරම්භ කොට ඇති අතර මේ පාගමනට ඔවුන්ගේ එම සතග්‍රහයට ශක්තියක් හා සහයෝගයක් දැක්වීමක් වශයෙන් පවත්වන ලදී.