Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

2019 අප්‍රියෙල් 21 වන දින එල්ල වු අවසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය,உயிர்த்த ஞாயிறு குண்டு வெடிப்பின் 2ம் வருட ஞாபகார்த்தம் (2021.04.21)

2019 අප්‍රියෙල් 21 වන දින එල්ල වු අවසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වු අපේම ජනතාවගේ දෙවර්ෂ පූර්ණය 2021 අප්‍රියෙල් මස 21 වන දිනට යෙදී ඇත. එම දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් මීගමුව පුරවැසි එකතුවේ සංවිධානයෙන් කිතුනු පූජකතුමන්ලා, පැවිදි සොහොයුරියන්, සිවිල් සංවිධානවල සාමාජිකයින් හා ක්‍රියාකාරීන්ගේ ද ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් මීගමුව බාල්දි හන්දියේදී එම දෙවර්ෂපූර්ණ අනුස්මරණය පැවැත්විණ. 

2019 වර්ෂයේ අප්‍රියෙල් දී 21 වන දින මීගමුව කටුවාපිටිය, කොළඹ සාන්තා අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ සුපිරි හෝටල් සහ දෙහිවල ලැඟම්හලක් කේන්ද්‍ර කරගනිමින් එල්ල වු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා දිවි අහිමි වූ අපේම ආදරණිට මව්වරුන් පියවරුන් සහ අපේම දරුවන් සහ සහෝදර සහෝදරයින්ගේ දෙවර්ෂ පූර්ණය 2021 අප්‍රියෙල් 21 වන දින සිහිකර ඔවුන් සැම උදෙසා වසන් වු සත්‍ය හෙළි කරන ලෙස ඉටිපහන් දැල්වීමක් ද මෙහා සමගාමීව සිදු විය. මෙම අවස්ථාවේදී විවිධ පාර්ශව විසින් ස්වකීය හඬ මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අතර ඒ සෑම අදහසකම අර්ථය වූයේ මෙම අවසනාවන්ත සිද්ධියේ අවසාන මහ මොළකරු රටට හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටීම ය.

2019.04.21ம் திகதி நடந்த குண்டு வெடிப்பின் உயிர் இழந்த எமது மக்களின் 2ம் வருட ஞாபகார்த்தம் 2021.04 21 திகதி நீர்கொழும்பு பிரஜை குழுவின் ஒழுங்கில் அருட் தந்தைகள், அருட் சகோதரிகள், சிவில் அமைப்பு அங்கத்தவர்கள், மக்களின் பங்குபற்றுதல் மூலம் நீர்கொழும்பில் நடந்தது.2019.04.21 நீர்கொழும்பு கடுவாபிட்டி, கொச்சிக்கடை தேவாலயம், மட்டக்களப்பு சியோன் தேவாலயம், கொழும்பு உணவகங்கள் போன்ற இடங்களில் பயங்கரவாத செயற்பாட்டினால் உயிர் இழந்த அனைவரதும் இழப்புகள் 2021.04.21 ஞாபகார்த்தம் மற்றும் இந்த பயங்காரவாத செயற்பாட்டில் நியாயமான தீர்வுகளை பெற்று தருமாறு வேண்டியதோடு ஊடக பிரசாரங்கள் நடைபெற்றது. அனைவரும் கூறியதாவது இந்த பயங்கரவாத செயலில் தலைமறைவாக உள்ளவர்களை வெளிபடுத்தும் படியாகும்.