Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපු දිස්ත්‍රික් වේලිකකන්ඩි කාන්තා කමිටුවේ මාසික හමුව,மட்டக்களப்பு மாவட்ட வெளிகாகண்டி பெண்கள் இயக்கத்தின் மாதாந்த கூட்டம் (2021.04.20)

මඩකලපුව ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වේලිකකන්ඩි කාන්තා කමිටුවේ මාසික රැස්වීම 2021 අප්‍රියෙල් මස 20 වන දින එම ගම්මානයේ කාන්තාවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදි කාන්තාවන් අතර ඉතිරි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කාන්තාවන් ග්‍රාමීය මට්ටමින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවධානයට යොමු විය. මෙම අවස්ථාව සඳහා මඩකලපුව ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නීරෝෂා මෙනවිය සම්බන්ධ වූවා ය. එමෙන් වේලකක්ඩි කාන්තාවන් විසින් ස්වකීය දහදිය මහන්සියෙන් කාබනික පොහොර යොදා සකස් කළ කාබනික ගෙවතු වගාව ද මනාව සකස් කොට ඇති අතර කාන්තාවන් මේ ආකාරයෙන් රසායනික පොහොර භාවිතයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් කාබනික පොහොරවලට නැඔුරු වීම අතිශය වැදගත් සන්සිද්ධියක් ලෙස සඳහන් කළ හැක. ඔවුන් විසින්ම පවත්වාගෙන යන ගොවි කාන්තා කෘෂි උද්‍යනයක් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේම කැපවීම හා උනන්දුව මත වීම සතුටුදායක කරුණකි.

மட்டக்டகளப்பு மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் வெளிகாகண்டி பெண்கள் குழுவின் மாதாந்த கூட்டம் 2021.04.20 நடைபெற்றது. இதில் 15 பெண்கள் கலந்துக் கொண்டனர். இங்க சேமிப்பு தொடர்பாக உரையாடியதோடு பெண்களின் பிரச்சினைகள் தொடர்பாக உரையாடப்பட்டது. இங்கு மட்டக்களப்பு மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் செல்வி. நிரோஷா கலந்துக் கொண்டார். வெளிகாகண்டி பெண்கள் இயற்கை பசளையை உபயோகித்து சிறந்த முறையில் வீட்டுத் தோட்ட பயிற்ச்செய்கை செய்து இருந்ததோடு செயற்கை பசளை பாவனையை முற்றாக ஒழித்து இருத்தல் பாராட்டத்தக்கது.