Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දෙදින සමාජ මාධ්‍ය පුහුණු වැඩුමුළුව,இரண்டு நாளைய ஊடக பயிற்சி நிகழ்ச்சி 2021.04.22/23


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සහ මාධ්‍ය සම්බන්ධිකාරකවරුන්ගේ මාධ්‍ය සාක්‍ෂරතාවය සහ සමාජ මාධ්‍ය භාවිතය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2021 අප්‍රියෙල් 22 23 දෙදිනයක් පුරාවට සමාජ මාධ්‍ය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දී පැවැත්වේ. මෙම පුහුණු වැඩමුළුව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාස ජාලය මෙහෙයවීමෙන් පැවැත්වේ. මෙම සමාජ පුහුණු වැඩමුළුව සඳහා මාතර, පොළොන්නරුව කුරුණෑගල, මීගමුව, ත්‍රිකුණාමලය, කොළඔ, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අම්පාර මඩකපලපුව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවලින් සම්බන්ධ වූහ.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ භාවිතයේ පවතින මුහුණු පොත (FACEBOOK) බ්ලොගර් (BLOGGER) සහ වෙනත් සමාජ මාධ්‍ය භාවිතය සහ යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වු අතර දිගු කාලීන මාධ්‍ය සැලැස්මක් ද නිර්මාණය කිරීමට නියමිත ය. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා ද ප්‍රදීප් වනිගසූරිය මහතා ද ප්‍රැන්සිස් රාජන මහතා ද ප්‍රැන්සිස් කොස්තා මහතා ද ඇන්තනි ජේසුදාසන් මහතා ද ගයාන් අබේගොඩ මහතා ද ප්‍රදීප් ලක්සිරි මහතා ද සුරේෂ් වසන්ත මහතා ද නුවන් ප්‍රදීප් යන අයවරුන් මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය දැක්වූහ.

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மாவட்ட செயற்பாட்டாளர்கள் மற்றும் ஊடக இணைப்பாளரின் ஊடக பாவனையை முன்னேற்றி கொள்வதற்காக 2021.04.22,23 தினங்களில் சமூக ஊடகம் தொடர்பாக செயற்பாட்டு முறையில் அறிவுறுத்தும் நிகழ்ச்சி ஒன்று தேசிய மீனவ ஒத்தழைப்பு இயக்கத்தில் நடை பெற்றது. இது பிரஜாஅபிலாஷ வலையமைப்பு மூலம் நடைபெற்றது. இந்த நிகழ்ச்சியில் மாதறை,  பொலன்நறுவை, குருனாகல், நீர்கொழும்பு திருகோணமலை, கொழும்பு, யாழ்பாபானம், கிளிநொச்சி, மன்னார், அம்பாறை, மட்டக்களப்பு, முல்லைத்தீவு ஆகிய மாவட்டங்களில் கலந்துக் கொண்டனர். தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தில் பாவனையிலுள்ள குயஉநடிழழம, டீடழபபநச மற்றும் வேறு சமூக ஊடக பாவனையை இற்றைப்படுத்துதல் தொடர்பாக கலந்துரையாடப்பட்டதோடு நீண்டகால ஊடக திட்டம் ஒன்று நிர்மானிக்க வேண்டும். தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் தேசிய அமைப்பாளர் திரு. ஹர்மன் குமார், ,திரு. வணிகசூரிய, திரு. பிரன்சிஸ் ராஜன், திரு. பிரன்சிஸ் கொஸ்தா, திரு. என்டனி ஜேசுதாசன், திரு.கயான் அம்பேகொட, திரு. பிரதீப் லக்சிரி, திரு. நுவன் பிரதீப், திரு. சுரேஷ் வசன்த ஆகியோர் வளவாளர்களாக இதில் கலந்துக் கொண்டனர்.