Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ක්‍ෂුද්‍ර ණයට එරෙහිව හිඟුරක්ගොඩ මහ ජන විරෝධය,நுண்கடனுக்கு எதிராக ஹிங்குராக்கொடையில் நடைபெற்ற மக்கள் போராட்டம் (2021.04.06)


     

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමෙන් විශේෂයෙන් කාන්තාවන් ඉතා අන්ත අසරණ තත්ත්වයට පත් වීම අද වන විට ඉතා දැවැන්ත ගැටලුවක් බවට පත් ව ඇත.  ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවු කාන්තාවන් එක් ප්‍රදේශයකට පමණක් සීමා කොට දැක්විය නොහැක. අද වන විට සමස්ත රට පුරාම ක්‍ෂුද්‍ර මූල්‍ය ණයට ලබා ගැනිමෙන් කාන්තාවෝ විශාල පිරිසක් වින්දිතයෝ බවට පත්ව ඇති අතර සමරහක් කාන්තාවෝ තම දිවියෙන් පවා වන්දි ගෙවා ඇත. 

රට පුරා ක්‍ෂුද්‍ර මූල්‍ය ණයෙන් බැට කෑ කාන්තාවන් විශාල පිරිසක් රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ සංවිධානය කළ ද 2021 අප්‍රියෙල් මස 06 වන දින ක්‍ෂුද්‍ර මූල්‍ය ණයෙන් වින්දිතයන් බවට පත්ව ඇති සමස්ත කාන්තාවෝ හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී එකට එකව තම දුක්ගැනවිල්ල නිසි බලධාරීන්ට යොමු කිරීම සඳහා පා ගමනින් හිඟුරක්ගොඩ නගරය වෙත පැමිණිය හ. මෙම දැවැන්ත පා ගමන සංවිධානය කළේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත්වු කාන්තා එකතුව විසිනි.
ශ්‍රී ලංකාව පුරා පැතිර ඇති ක්‍ෂුද්‍ර මූල්‍ය ණයෙන් ලක්‍ෂ 29 ආසන්න පිරිසක් මෙම ණය උගුලේ සිරවී ඇත. එයින් විශාල පිරිසක් කාන්තාවන් වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. අඛණ්ඩ 30 වන දිනට ලගා වෙමින් ආරම්භ කළ සත්‍යාග්‍රහයට ශක්තියක් වෙමින් විවිධ සිවිල් සංවිධාන පැමිණ අතර ඒ අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය, ශ්‍රම අභිමානි ආයතනය, ජනවබෝධ කේන්ද්‍රය, පාරිසරක ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, විකල්පනි ආයතනය, STAND UP සංවිධාන වැනි සංවිධාන ද මුලතිව් වැලිඔය, වව්නියාව. අනුරාධපුරය, හඟුරන්කෙත, ගාල්ල, කුරුණෑගල, පොළොන්නරුව, මඩකලපුව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලින් විශාල ජන රාශියක් ද ගෞරවනීය ස්වාමින් වහන්සේලා ද කතෝලික පූජකතුමන්ලා මෙන්ම පැවදි සොහොයුරින් ද මෙම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයට හා දැවැන්ත පා ගමනට සම්බන්ධ වූහ.  

 

நுண்கடனை பெற்றுக்கொண்ட பெண்கள் இன்று பல பிரச்சனைகளுக்கு முகம் கொடுத்துள்ளனர். இக்கடனில் சிக்கிய பெண்கள் ஒரு பிரதேசத்திற்கு மட்டும் வரையறுக்கப்படவில்லை. இன்று ஒட்டுமொத்தமாக நாடுபூராக கடன்பட்ட பெண்கள் பாரியளவில் துன்பப்படுவதோடு இந்த நுண்கடன் நிறுவனங்கள் மிகவும் அசாதாரன  முறையில்  பணத்தைசெலுத்தும்படி கூறுவதால் இதை தாங்கமுடியாமல். கடன்பட்ட சில பெண்கள் தற்கொலை செய்துக் கொண்டுள்ளனர். இப்பெண்கள் நாட்டின் பல பிரதேசங்களில் ஆர்ப்பாட்டங்களை ஒழுங்கு செய்துள்ளதோடு 2021.04.06 ம் திகதி நுண்கடன் பெற்ற பெண்கள் ஒன்றுகூடி ஹிங்குராக்கொடை பிரதேசத்தில் தங்களது மன வேதனையை உரிய அதிகாரிகளுக்கு கூறுவதற்காக ஒரு பாதயாத்திரையை ஒழுங்கு செய்துள்ளனர்.     
இலங்கைபூராக பரந்;துள்ள நுண்கடன் பொறியில் சிக்கியுள்ளவர்கள் கிட்டத்தட்ட 29 இலட்சமாகும். இதில் பாரியளவில் பெண்கள் உட்பட்டுள்ளமை கவலைக்குரிய காரணமாகும். தொடர்ந்து 30 நாட்களாக ஆர்ப்பாட்டம் செய்யும் போராளிகளுக்கு ஆதாரமாக பலவித சிவில் அமைப்புகள் கலந்துக் கொண்டதோடு தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கம், ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் இயக்கம், வியர்வைதுளி அமைப்பு, ஜனஅவபோத நிலையம், சுற்றாடல் காணி மற்றும் கமத்தொழில் மறுசீர் அமைப்பு இயக்கம், விகல்பனி அமைப்பு, ளுவுநுயுனு ருP இயக்கம் போன்ற அமைப்புகளும் முல்லைத்தீவு, வெளிஒய, வவுனியா, அநுராதபுரம், ஹகுரன்கெத, காலி, குருனாகல், பொலன்னறுவை, மட்டக்களப்பு, திருகோணமலை போன்ற பிரதேசங்களில் இருந்து பாரியளவிலான மக்கள் இந்த மாபெரும் ஆர்பாட்டத்திலும் பாதையாத்திரையிலும் கலந்துக் கொண்டனர்.