Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් අරුම්බු කාන්තා ෆෙඩරේෂනය,கிளிநொச்சி அரும்பு பெண்கள் சம்மேளனம்,“Arimbu” Women Federation

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිනොච්චි දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ අරිම්බු කාන්තා ෆෙඩරේෂනය 2021 අප්‍රියෙල් මස 27 වන දින ජයපුරම් ගම්මානයේදී පැවැත්විණි. මෙම ෆෙඩරේෂනයේදී වත්මන් සාමාජික සංඛ්‍යාව පිළිබඳව සංඛ්‍යාත්මක තක්සේරුවක් ද නිති විරෝධි මසුන් ඇල්ලීම ඉන්දියන් ට්‍රෝලින් ගැටලු පිළිබඳව අනවසරෙන් රාත්‍රී කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ මත්උවදුර ද එමෙන්ම කාන්තාවන් අවසනාවන්ත අයුරින් මුහුණ දී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය. විශේෂයෙන් කම්බි සිටුවා ධීවර කර්මාන්තය සිදු කිරීම ද අභ්‍යන්තර හා ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණය පිළිබඳව විශේෂ අවධානය යොමු විය. ඉහත සඳහන් කළ ධිවර ගැටලු පිළිබඳව වලෛයිපාඩු, පල්ලිකුඩා, ඉරෙනිමාතා නගර්, කිරාන්චි, අන්බුපුරම් සහ නාච්චිකුඩා යන ගම්මාන 06 දායකත්වයෙන් ධීවර පෙත්සමක් අත්සන් කිරීමට යෝජනා විය. 

මෙසේ නිර්මාණය කරන පෙත්සම නියෝජ්‍යය ධීවර අධ්‍යක්‍ෂකතුමාට මැයි මස 05 වන දින බාර දීමට එකඟ විය. එමෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගම්මාන මට්ටමින් හඳුනාගෙන තිබෙන ධීවර සෞඛ්‍ය අධ්‍යාපන සහ මහා මාර්ග සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව පෙත්සමක් නිර්මාණය කර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබා දීමට යෝජනා විය. කාන්තා ෆෙඩරේෂනය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු දකුණු ජනතා සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් මහතා ද කාන්තා කටයුතු සම්බන්ධිකාරික ලවීනා හසන්ති මහත්මිය ද ජෙරාණි මහත්මිය ද  අමලජිවනී මහත්මිය ද සම්බන්ධ වූහ.

தேசிய மீனவ ஒத்தழைப்பு இயக்கத்தின் கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் அரும்பு பெண்கள் சம்மேளனம் 2021.04. 27ல் ஜயபுரம் கிராமத்தில் இடம் பெற்றது. தடைசெய்யப்பட்ட மீன்பிடித் தொழில்இ இழுவைபடகுகள் பிரச்சினைஇ அனுமதியின்றி இரவு வேளையில் கடல் அட்டைகளை பிடித்தல்இ போதைப் பொருள் பிரச்சினைஇ பெண்களின் நுண்கடன் தொடர்பாக உரையாடப்பட்டது. மேல் கூறப்பட்ட பிரச்ச்pனைள தொடர்பாக வலைபாடுஇ பள்ளிகுடாஇ இரணைமாதாநகர்இ கிராஞ்சிஇ அன்புபரம்இ நாச்சிக்குடா ஆகிய 6 கிராம மக்களின் பங்களிப்பில் மகஜர் ஒன்றை முன்வைப்பதற்கு முன்மொழியப்பட்டது. இதை உதவி மீனவ பணிப்பாளருக்கு வைகாசி மாதம் 5ம் திகதி பெற்றுக் கொடுக்கப்படும். அவ்வாறு கிளிநொச்சி மாவட்டத்தில் இனங்கண்ட மீனவஇ சுகாதாரஇ கல்வி மற்றும் வீதிகள் தொடர்பான பிரச்சிகைளுக்கு மகஜர் ஒன்றை தயாரித்து மாவட்ட செயலாளருக்கு முன் ;வைக்க முடிவெடுக்கப்பட்டது. இந்த நிகழ்ச்சியில் கிளிநொச்சி மாவட்ட இணைப்பாளர் சதீஷ்வரன்இ மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் சமாதானம் மற்றும் நிலையான அபிவிருத்திற்கான மக்கள் கலந்துரையாடல் இணைப்பாளர் திரு. ஜேசுதாசன் பெண்கள் இணைப்பாளர் திருமதி. லவீனா ஹசன்திஇ திருமதி. ஜெயராணிஇ திருமதி. அமலஜீவனி ஆகியோர் கலந்தக் கொண்டனர்.

The “Arimbu” women federation which is being functioned under Killinochci District Fisheries Solidarity was held at Jayapuram on 27 April 2021. The meeting has focused some areas such as increasing the membership of the women federation, illegal fishing practices, migration of Indian freshers into the Sri Lankan water, harvesting sea leaches at night illegally, drug addiction of the people especially the youth and issues of micro credit loan related to the women. An especial attention was given to the Indian trawler issues in the meeting. It decided to sign a petition regarding the above issues being coordinated with the people in Waleipadu, Pallikuda, Iranamatha Nagar, Kiranchi, Anbupuram and Nachchikuda. They decided to hand over the petition to the Deputy Fisheries Director on 5 May 2021. As well as, the women federation took a decision to hand over another petition to the District Secretary accordance of the fisheries issues in the village level, health, educational and issues of the transportation of the district. Mr. Satheshwaran, District Coordinator of Killinochchi District Fisheries Solidarity, Mrs. Jeyarani and Mrs. Amalageewani, Animators of the organization, Mr. Anthony Jesudasan and Mrs. Lavina Hasanthi representing the secretariat of National Fisheries Solidarity Movement participated in the women federation.