Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය හමුවේ අත්නොහැරි මීගමු ශ්‍රී විමුක්ති සහෝදරත්වය

ශ්‍රී  ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ඉතා අසරණ වු ධීවර පවුල් සඳහා වියළි ආහාර සලාක බෙදා දීම 2021 ජුනි මස 21 වන දින සිදු කරන ලදී. ඇත්ත වශයෙන් කොරෝනා වෛරසයෙන් සාමාන්‍යය ජනතාව අතර ධීවර පවුල් විශාල අග හිගකම්වලට මුහුණ දීමට සිදු විය. පසුගිය කාලයේදී මෙරට මුහුදු තීරයේ තවමත් ගිලෙමින් ඇති එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවේ රසායනික අපද්‍රව්‍ය මුහුදට එකතු වීම නිසා ධීවර ආම්පන්න මෙන්ම මසුන් ද දිනෙන් දින විනාශයට පත් වූහ. ඒ බිය නිසාම ජනතාව දිනෙන් දින මත්ස්‍ය පරිභෝජනය අත්හැර දැමීමට යොමු විය. එම නිසා ධීවර කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වූහ. ඒ තත්ත්වය මැනවින් වටහා ගත් මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධනය අඩු ආදායම් ලබන පවුල් සඳහා වියළි සලාක මළු 70 අධික ප්‍රමාණයක් බෙදා දීම සිදු කරන ලදී. මෙම වියළි සලාක මීගමු ප්‍රදේශයේ කුඩාදූව, මුන්නක්කරය මහවීදිය, කඩොල්කැලේ, සිරිවර්ධන පදෙස, පිටිපන වීදිය, වැල්ලවීදිය සහ කට්ටිදූව යන ප්‍රදේශවල අඩු ආදායම් ලබන ධීවර පවුල් සඳහා බෙදා දෙන ලදී.