Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අප්‍රියෙල් 21 බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සහ කුමන්ත්‍රණය වසන් කරන්නේ ඇයි? - මීගමුව පුරවැසි එකතුව


 

         

2019 අප්‍රියෙල් මස 21 වන දින පාස්කු ප්‍රහාරය එල්ල කොට මාස 27 ගත වී ඇතත් කිසිදු සාධාරණයක් කිසිදු යුක්තියක් පීඩාකාරි පාර්ශව වෙත උදා වී නොමැත. මේ සමබන්ධයෙන් පාලකයින් නිහඬ නිවට පිළිවෙතක් අනුගමනය කිරීම අදහා ගත නොහැක. අප්‍රියෙල් 21 අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරු රටටම හෙළි කරන්නටත් කාර්දිනල්තුමාගේ ප්‍රශ්නවලට වහා පිළිතුරු සපයන ලෙසත් බල කරමින් මීගමුව පුරවැසි එකතුව විසින් මීගමුව බාල්දි හන්දියේදී සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණය 2021 ජූලි මස 21 වන දින විශාල ජනතා සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම නිහඬ විරෝධයේ අරමුණ වූයේ මීගමුව පුරවැසි එකතුව ලෙස අප්‍රියෙල් 21 කටුවාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල වු බෝම්බ ප්‍රහාර පිළිබඳව අද පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. මීගමු පුරවැසි එකතුව මීගමුවේ විවිධ පිරිස්, සිවිල් සංවිධාන, ස්වාධීන පුද්ගලයින්, ආගමික නායකයින් එකතු වී අයිතීන් ආරක්‍ෂා කර ගැනීමට සහ දිනා ගැනීමට ගොඩනගන ලද සිවිල් ජනතා ක්‍රියාකාරිත්වයකි.
කටුවාපිටිය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු වු පිරිස්වලට තවම කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති නිසාත් මෙම ගැටලුවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් කාර්දිනල්තුමා ප්‍රමුඛව කතෝලික ප්‍රජාව මේ වෙනුවෙන් කරන මැදිහත්වීම අප අගය කරන අතර ශුද්ධවු සභාවේ උත්සහයට ආණ්ඩුවේ ඇහුම්කන් දීමක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් අවධානය යොම කළ යුතුය.