Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුව, වැල්ලවීදිය තෙප්පම් ධීවර සමිතිය වෙත සහන සැලසීම


කොවිඩ් වසංගතය නිසා ධීවරයින් කබලෙන් වැටෙන්නට වූයේ මසුන් ආහාරට ගැනිමෙන් කොවිඩ් වසංගතය පැතිර යනවා යන අසත්‍ය හේතු නිසා බැව් සඳහන් කළ හැකිය. නමුත් අවසානයේ මේ සියලු දෙයින් ආසාධාරණය අගතියට පත්වූයේ අසරණ ධීවරයින් සහ ඔවුන්ගේ අසරණ දරු පවුල් බව සඳහන් කළ හැක. ඒපමණකින් නොනැවතුණු තත්ත්වය මෑතිකදී ලංකාවේ මුහුදු තීරයේ ගිලෙන්නට වු එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය මුහුදු බත් වීම නිසා ඒ ප්‍රතිඵලයක් ලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු මත්ස්‍යයින් ඇතුළු ජලජීවීන් ආකාලයේ මැරී යන්නට වූයේ ධීවරයින්ගේ ධීවර රැකියාවට කනකොකා හඬ වමිනි. කෙසේ වෙතත් මේ තත්ත්වය හඳුනාගත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය මීගමුව වැල්ලවීදිය තෙප්පම් ධීවර සමිතිය වෙත වියළි සලාක 100 බෙදා දීම 2021 ජූලි මස 01 වන දින වැල්ලවීදියේදී සිදු කරන ලදී. මේ අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා සහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිනි සුබාෂිනි දීපා මෙනවිය සහ එහි මූල්‍ය නිලධාරි වින්සන් ප්‍රනාන්දු මහතා සහ වැල්ලවීදියේ තෙප්පම් ධීවර සමිතියේ ධීවර සාමාජීකයින් විශාල වශයෙන් මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.