Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් තරුණ හමුව - 2021.08.18

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ හමුව 2021 අගෝස්තු මස 18 වන දින පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 22 දෙනෙකු සහභාගි වූහ. පවතින කොවිඩ් වසංගතය මැද වුවත් තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළහ. මෙහිදි කාබනික පොහොර භාවිතා කිරීම හා කාබනික ගෙවතු වගාව සම්බන්ධයෙන් අදහස් බෙදා ගන්නා ලදී. ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දියත් කරන දෙමළ දරුවන් සඳහා සිංහල ඉගැන්වීමේ පන්තිවල ප්‍රගතිය පිළිබඳවත් මෙහිදි අදහස් ඉදිරිපත් කළහ. එමෙන්ම පවතින කොවිඩ් වසංගතය හමුවේ තරුණ ක්‍රියාකාරිත්වයේ අභියෝග පිළිබඳව මෙහිදි අදහස් ඉදිරිපත් කළහ.