Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර ස්වෛරීත්වයේ හා ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, මන්නාරම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.10 .17


ආහාර ස්වෛරීත්වයේ හා ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව ජනතා අතර සංවාදය ආරම්භ වී දැනට වසර 25 ක් ගතව ඇත. නමුත් තවමත් ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට හැකි වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවති. ආහාර ස්වෛරීත්වය තුළ නිරන්තරයෙන් සංවාදයට ගන්නා සුළු ආහාර නිෂ්පාදකයා ආහාර ස්වෛරීත්වට ගෙනෙන දායකත්වය වචනයෙන් විස්තර කළ නොහැක. ආහාර ස්වෛරීත්වයේ වැදගත්කම හා එය මහ පොළොවේ රෝපණය කළ හැක්කේ කෙසේ ද යන්න කාන්තාවන් ආහාර ස්වෛරීත්වයට දක්වන අනෝපමේය දායකත්වය හා ධිවරයා හා ධිවර කාන්තාව ආහාර ස්වෛරීත්වයට සුරක්‍ෂා කරන්ට දක්වන දායකත්වය පිළිබඳව ආහාර ස්වෛරීත්වය පිළිබඳව නිරතුරු කතා බහට ලක්වන මේ මාසය ඒ සම්බන්ධයෙන් අප සියලු දෙනා වැඩ කළ යුතුය. මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය ධීවර හා කාන්තා ප්‍රජාව එක්ව 2021 ඔක්තෝම්බර් මස 17 වන ආහාර ස්වෛරීත්වය පිළිබඳව ස්වකීය සාමාජිකත්වය දැනුවත් කළ එය මහ පොළොවේ පැළ කරන වැඩ පිළිවලක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ආහාර ස්වෛරීත්වය සඳහා අවශ්‍යය බීජ හා බීජ අයිතිය ජනතා සතු කරමින් ජනතාව වෙත ඇසුරුම් කළ ගුණාත්මකභාවයෙන් යුක්ත බීජ ලබා දීම සිදු විය මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරික බෙනඩික් කෲස් මහතා ද ප්‍රියන්තා මහත්මිය ද සම්බන්ධ වූහ.