Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුව, ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානයේ, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණයට යොමු කරන කරන ගමන් එයින් කාන්තාවන්ට අමතර ආදායමක් - 2021.10.06

ප්ලාස්ටික් අද වන විට පරිසරය විනාශ කරන සමස්ත ජෛව පද්ධතියටම පිළිලයක් වී අවසානය. මේ ප්ලාස්ටික් ලෝක ජනගහනය වැඩි වන තරමටම එහි භාවිතය ද සීඝ්‍රයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරයි. මිනිසාගේ එදිනෙදා කටයුතුවලදී පහසුවට ලේසියට ප්ලාස්ටික් බෑග් ප්ලාස්ටික් බෝතල් භාවිතා කරන අතර එයින් පරිසරයට වන විනාශය සුළු පටු නොවේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මීගමුව, ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානය ඒ සඳහා කදිම විසඳුමක් සොයා ගෙන ඇත. මෙම ප්ලාස්ටික් ECO FRIEND ආයතනයට යොමු කෙරේ.තැන තැන නිවෙස්වල එකතු වන ප්ලාස්ටික් බෝතල් එකතු කොට ප්‍රතිචක්‍රීයකරණය යොමු කොට එයින් මුදලක් එම කාන්තාවන්ට උපයා ගත හැක. මෙම ප්ලාස්ටික් එකතු කිරීම කරන්නේ ශ්‍රී විමුක්ති තරූණ කැළ විසින් වීම සතුටට කරුණකි මෙවැනි ක්‍රම තුළින් පරිසරය ආරක්‍ෂා කරන්නට සිදු කරන මෙහෙවර අප්‍රමාණය.