Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ලෝක ආහාර දිනයට සමගාමීව ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම , කළුතර දිස්ත්‍රික් සහයෝගිතා ව්‍යාපාරය - 2021.10.17


ආහාර අයිතිය සෑම දෙනාටම කිසිදු අවහිරයකින් තොරව ලැබිය යුතු හිමිකමකි. හොඳ ගුණාත්මකභාවකින් යුතු ආහාර වේලක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය කිසිදු අවහිරකින් තොරව ලැබිය යුතු හිමිකමකි. ලෝකයේ බොහෝ රටවල් ජනතාව කුසගින්නේ නින්දට යන අතර අවසනාවට ගුණාත්මකභාවයෙන් යුතු ආහාර නොමැතිව ඔවුන් මරණයට පවා ලක් වෙන තත්ත්වයක් දක්නට ඇත. ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ පවා ආහාර ලබා ගැනීමට දිගු පොලින්වල සිටීමට සිදුවීමෙන් ජනතාවගේ ආහාර අයිතිය කඩතොළු වී ඇත. කෙසේ ලෝක ආහාර දිනයට සමාගාමීම එය මෙරට සැමරීම දිස්ත්‍රික්කයක් ලෙස කළුතර ජනතාව කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ මඟ පෙන්වීමය යටතේ 2021 ඔක්තෝම්බර් මස 17 වන පැවැත්විණ. මෙම අවස්ථාවට සම්පත්දායකත්වයෙන් සර්වෝදයේ පුහුණු නිලධාරි මානෙල් කලරත්න මහත්මිය සම්බන්ධ වු අතර කළුතර දිස්ත්‍රික් ධිවර සහයෛා්ගිතා ව්‍යෘපාරයේ සම්බන්ධිකාරිනි දමයන්ති මහත්ය ද සම්බන්ධ වූහ.