Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කාබනික වගාව අවශ්‍යය වන්නේ ඇයි හිකතර වගාවෙන් සුවබර ආහාර රටාවක්, පාරිසරික කෘෂිකර්මය පිළිබඳව වෙබිනාර් සාකච්ඡා මාලාව. 2021.10.09

කාබනික වගාව අවශ්‍යය වන්නේ ඇයි කාබනික ගොවිතැනේ ලාංකීය මාදිලිය සම්බන්ධයෙන් පාරිසරික කෘෂිකර්මය පිළිබඳව වෙබිනාර් සාකච්ඡා මාලාව 2021 ඔක්තෝම්බර් 09 වන දින ZOOM තාක්ෂණය ඔස්සේ ප.ව 7.00 පැවැත්විණ. මෙම වෙබිනාර් මාලාවේ මූලික අරමුණ වූයේ පාරිසරික කෘෂිකර්මාන්තය පිළිබඳව සමාජය තුළ අවධානයක් යොමු කිරීම වන අතර රසායනික පොහොර අනායනය තහනම් කිරීම හා කාබනික වගාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් රසායනික පොහොර ආනයනය කිරීම රෙගුලාසි කාබනික පොහොර භාවිතය අවධානය යොමු කිරීමයි. ප්‍රධාන වශයෙන් කාබනික පොහොර භාවිතයේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. එමෙන්ම කෘෂිකාර්මික ආයතන පාරිසරික කෘෂිකර්මාන්තය අධ්‍යයන විශ්වවිද්‍යාල මේ ආකාරයේ නොයෙකුත් බෙවිනාර් සංවිධානය කිරීම දැක ගත හැක. කෙසේ වෙතත් මෙම සාකච්ඡා සඳහා කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන බුද්ධිමතුන් ගොවීන් කාන්තාවන් කෘෂිකාර්මික ආයතන කාබනික ගෙවතු වගාව සැකැස්ම තිරසරභාවය ස්වදේශ දැනුම යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා මණ්ඩපයක් විය මෙහිදි කාබනික ගෙවතු වගාව සහ ආහාර සුරක්‍ෂිතභාවය හා බලපෑම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පාරිසරික කෘෂිකර්මාන්ත හා සමූපකාර සම්බන්ධයෙන් විශේඥවරයෙකු වු ජේ.එම්.සූරසේන මහතා ඇරයුම් ලැබු අතර එහිදි තිරසර කෘෂිකාර්මාන්තය සඳහා අවශ්‍යය කථිකාවත ගොඩනැගිණි. පෝෂණ රටා ආහාර හා ජිවන රටා පිළිබඳව විශේඥවරියක වු දමයන්ති පෙරේරා මහත්මියගේ අදහස් දැක්වීම යොමු විය. ආහාර පෝෂක විශේඥ විශාකා මහත්මියගේ අදහස් දැක්වීම යොමු විය. මේ ආකාරයෙන් කාබනික ගෙවතු වගාව සම්බන්ධයෙන් පුළුල් කථිකාවතට මන් විවර විය.