Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමලය, මුත්තුහාර්නගර් ජනතාවට ඇසුරුම් කළ බීජ ප්‍රදානය - 2021.10.11

කාබනික ගෙවතු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නැවුම් බීජ ලබා දී සාර්ථක මෙන් ම පෝෂදායි නැවුම් අස්වැන්නක් ලබා ගැනීම සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය නිබඳව කටයුතු කරන අතර දිස්ත්‍රික්ක 15 පුරා නැවුම් උසස් තත්ත්වයේ ගුණාත්මක බීම ප්‍රදානය කිරීම මේ දිනවල දිස්ත්‍රික්ක මට්ටමින් සිදු වේ. ඒ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුත්තුහාර්නගර් ජනතාවට බීජ ප්‍රදානය කිරීම 2021 ඔක්තෝම්බර් මස 11 වන දින මුත්තුහාර් ගම්මානයේදී 30 වෙත බීජ ඇසුරුම් 02 බැගින් ප්‍රදානය කරන ලදී. මෙහිදි ලබා දුන් බීජ අතර කැරට්, බෝංචි, වම්බටු, මිරිස්, තක්කාලි, කැකිරි, පතෝල, බණ්ඩක්කා, මෑ, වට්ටක්කා ආදී බීජ වියරසායනික පොහොර භාවිතය හා අඩු ගුණාත්මක බීජ ලබා දීම අධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ අවස්ථාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා නිසන්කා මහත්මිය සම්බන්ධ වූ ඇය විසින් ස්වකීය දිස්ත්‍රික් සමාජිකත්වය වෙත ගුණාත්මක බීජ ප්‍රදානය කළා ය.