Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පාරිසරික කාබනික ගෙවතු වගාව සඳහා ඇසුරුම් කළ බීජ ප්‍රදානය - 2021.10.12

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් පාරිසරික කාබනික ගෙවතු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව සිය දිස්ත්‍රික් සාමාජිකත්වය සඳහා ඇසුරුම් කළ බීජ ප්‍රදානය කිරීම මේ දිනවල දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කොට ඇත. දැනටමත් විවිධ දිස්ත්‍රික් ඇසුරුම් කළ ගුණාත්මක බීජ ජනතාව වෙත ලබා දීමට කටයුතු කොට ඇත. කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක බීජ භාවිතයෙන් ගුණාත්මක හා පෝෂදායි එළවළු ලබා ගන්නට ජනතාව යොමු කිරීමේ ප්‍රයත්නයකි මේ. 2021 ඔක්තෝම්බර් මස 12 වන මාතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් එම ව්‍යාපාරයේ දෙව්රම්පුර සහ කපුගම තරුණ ප්‍රජාවට මෙන් කාන්තාවන් 25 සඳහා ඇසුරුම් බීජ ප්‍රදානය කිරීම සිදු විය මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සහන් මහතා සම්බන්ධ විය.