Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් වෙලෙයිපාඩු කාන්තා හමුව - 2021.10.13

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වෙලෙයිපාඩු කාන්තා හමුව 2021 ඔක්තෝම්බර් 13 වන දින වලෙයිප්පාඩු ගම්මානයේදී පැවැත්විණි. මෙම කාන්තා හමුව සඳහා එම ගම්මානයේ කාන්තාවන් 19 සහභාගි වූහ. මෙම හමුවේදී එදිනෙදා ඔවුනගේ ආර්ථික තත්ත්වය හා ජිවනෝපාය පිළිබඳව වත්මන් කොවිඩ් වංසගතය හමුවේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද ග්‍රාමීය ඉතිරි කිරීම් තවදුරටත් දිරි ගැන්වීම පිළිබඳව සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා එම දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා හා අමලජිවනී මහත්මිය ද සම්බන්ධ වුයේ ය.