Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

වතුකරයේ ජනතාවගේ ආහාර අර්බුදය - 2021.10.14

"ආහාර ස්වෛරීත්වය තහවුරු වන්නේ ඉඩමේ අයිතිය තහුරු වුවහොත් පමණි"
"පෝෂණය හා ආහාර පිළිබඳව ගැටලුවලට සෘජු පිළිතුර ඉඩමේ අයිතිය තහවුරු කිරීමයි"
"තිරසර ආර්ථිකයක් ගොඩනගන්නට වතුකරයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුය"
"වතුකරයේ තරුණයින්ගේ බුද්ධිය හා හැකියාව රටේ ක්‍රය ශක්තියට යොදා ගත යුතුය නැත්නම් ඔවුන් අයාලේ යාවි"
"වතුකරයේ බොහෝ දරුවන් පෝෂදායි ආහාර නැති නිසා මන්දපෝෂණයෙන් පෙළෙනවා"
"වතුකරයේ කාන්තාවන්ගේ ඉරණම ඉතාමත් කනගාටුයි"
"බහු ජාතික සමාගම ජනතාවගේ ආහාර ස්වෛරීත්වය විනාශ කර ඇත." ආදී විවිධ අදහස් වතුකරයේ ආහාර අර්බුදය යන මැයෙන් 2021 ඔක්තෝම්බර් 14 වන දින තාක්‍ෂණය ඔස්සේ පැවැත්විණ මෙම අවස්ථාව සඳහා වතුකරයේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟන ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් අත්වැල්බැද ගන්නා ලදී. වතුකරයේ ජනතාවගේ පෝෂණය හා ආහාර අයිතිය සම්බන්ධයෙන් ගනේෂ් මහතා ද රාජේන්ද්‍රන් මහතා ද මොන්ලා ආයතනයේ රූබි ද මාතලේ ක්‍රිෂ්ණා වැනි අය අදහස් ඉදිරිපත් කළහ. වතුකරය රටේ වෙනත් කොටසක් නොව අප රටේම අපේම සහෝදර සහෝදරයින් ලෙස සලකා ඔවුන්ගේ ආහාර ස්වෛරීත්වය හා අනෙකුත් මානව අවශ්‍යතා දිනා ගැනීම වෙනුවෙන් අප පෙළ ගැසිය යුතය.