Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයා ගෝලීය දේශගුණික විපර්යාස සඳහා වන විසඳුමේ කොටසකි - 2021.10.15

ආහාර ස්වෛරීත්වය හා දේශගුණික විපර්යාස එකනෙකට බද්ධ සංකල්ප දෙකකි. එමෙන්ම ආහාර ස්වෛරීත්වය සඳහා ගෝලීය දේශගුණික විපර්සාය බලපෑම සම්බන්ධයෙන් කාලීන සාකච්ඡාවක් මෙන් ම ආහාර ස්වෛරීත්වය සඳහා සුළු නිෂ්පාදකයා මුහුණ දෙන ගැටලු හා එම ගැටලු ජය ගැනීමට ඔවුන්ගේ සෘජු හා වක්‍ර දායකත්වය සම්බන්ධයෙන් සාරගර්භ සාකච්ඡාවක් 2021 ඔක්තෝමබර් 15 වන දින ZOOM තාක්‍ෂණය ඔස්සේ පැවැත්විණ.ගෝලීය දේශගුණික ගැටලුවලින් අංක එක බවට පත් ඇත්තේ මුහුදේ ධීවර කර්මාන්ත නිසා විශාල අපද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් මුහුදට එක් වේ.

ඇත්ත වශයෙන් ආහාර ස්වෛරීත්වය තහවුරු කරන සුළුපන්න නිෂ්පාදකයා ගෝලීය දේශගුණික විපර්යාස සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරයි. මෙම කාලීන සාකච්ඡාව සඳහා උතුරේ ධිවර නායක ඒ.වී.සුබ්‍රමනියම් මහතා ද ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ නාලක රොසයිරෝ මහතා සහ ලක්සිරි ප්‍රනාන්දු මහතා ද දේශන ඔස්සේ සහභාගි විය.
"ජනතාවගේ ප්‍රශ්න නොහඳුනන පාලකයින් මහ මුහුදේ ප්‍රශ්න ගැන සිතනවා කියන එක හිතන්න බැරි දෙයක්" - එන් වී සුබ්‍රමනියම්
"අප සොබදහමට සැලකුවොත් විතරයි සොබදහම අපට සලකන්නේ" - කුරුණෑගල ජනත මෙන්ඩිස්  ආදී අදහස් මෙහිදි සඳහන් කරන ලදී. දේශගුණික විපර්යාස කළමනාකරණ කරමින් ආහාර ස්වෛරීත්වය තහවුරු කිරීම සුළුපන්න නිෂ්පාදකයා උත්සුක විය යුතුය. එමෙන්ම, අතීතයේ ඉතා වගකීමෙන් ආරක්‍ෂා කළ ජෛව විවිධත්වය පාලකයින් හා සමාගම් හිත් පිත් නැති අයුරින් කපා විනාශ කරන බව වයඔ පළාතේ සෙනුරි දිනුජාගේ අදහසි. මේ ආකාරයෙන් දේශගුණික හා කාලගුණික විපර්යාස හා සුළුපන්න නිෂ්පාදකයාගේ කාර්යයභාර්ය පිළිබඳව සාකච්ඡාව සංවිධානය විය.