Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර ස්වෛරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය. 2021.10.17

"ආහාර අයිතිය ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගතයක් නැත" යන තේමාව පදනම් කරගෙන ලෝක ආහාර දින සැමරුම දිස්ත්‍රික්ක ගණනාවක සිදු වු අතර අම්පාර දිස්ත්‍රික්කයේ 2021 ඔක්තෝම්බර් මස 17 වන දින පැවැත්විණ. ආහාර අයිතිය සැබැ මානව හිමිකමකි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය සෑම පුද්ගලයෙකුටම ඇත. ආහාර ස්වෛරීත්වය ඉදිරියට ගෙන යෑමට සුළු නිෂ්පාදකයාට සැබෑ අයිතියක් ඇත ආහාර ස්වෛරීත්වය ගැන කතා කිරීමට පෙර අද වන විට සාගින්න නිසා ලෝක වැසියන් 2500 පමණ සිය ජිවිතය  අහිමි වේ. ලෝක ජනගහනයෙන් 03දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකුට ආහාර වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත. මෙවැනි කරුණු පිළිබඳව අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය ලෝක ආහාර දින සැමරුම අම්පාර දිස්ත්‍රික්කයේ කවඩාපිට්ටි පෙර පාසලේදී 30 පමණ ජනතාව සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා රහුමතුල්ලා මහතා ද ඉර්ෆන් මහතා ද අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා සජීවක කෝකුලන් මහතා ද සම්බන්ධ වූහ. පසුව පැමිණ සිටින්නන් වෙත ආහාර ස්වෛරීත්වය සංකේතවත් කරමින් පැළ බෙද දෙන ලදී.