Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කාන්තා දායකත්වයක් නොමැතිව ආහාර ස්වෛරීත්වයක් ඇති කළ නොහැක, ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය, මොනරාගල - 2021.10.17

ආහාර ස්වෛරීත්වයේ ප්‍රායෝගික පැතිකඩ පිළිබඳව දැඩි කතා බහට ලක් වී ඇති මෙවැනි කාලයක ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය බිහි කිරීමට හා ඇති කිරීමට ග්‍රාමීය හා සුළු නිෂ්පාදනයේ කාන්තාව දක්වන්නේ සුවිසල් දායකත්වයකි. කාන්තාව තරම් ආහාර අයිතිය හා සුරක්‍ෂිතතාවයට උර දෙන්නාවු වෙනත් කෙනෙකු සඳහන් කිරීම දුෂ්කර කටයුත්තකි. මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය විසින් ආහාර ස්වෛරීත්ව පිළිබඳව කාන්තාවන් හා තරුණ ප්‍රජාව ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානයේදී 2021 ඔක්තෝම්බර් 17 වන ඉරුදින පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් හා තරුණ තරුණියන් රැසක් සහභාගි වූහ. මෙම අවස්ථා සඳහා එම කාන්තා සංවිධානයේ කේ පී සෝමලතා මහත්මිය සහ ප්‍රේමලතා යන මහත්මීන් සම්පත්දායකත්වයෙන් සම්බන්ධ වූහ.