Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව පොළොන්නරුව මිරිදිය ධීවර සංවිධානයේ සාමාජිකත්වය දැනුවත් කිරීම - 2021.10.17

ආහාර යනු අයිතියක් පමණක් නොව ආහාර යනු ක්‍රියාවලියක්. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට හිමිකමක් ඇත. යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ ආහාර අයිතිය උදුරා ගනීද එය මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝණය කිරීමකි. ආහාරවලට ප්‍රවේෂ වීමට ඕනෑම කෙනෙකුට හිමිකමක් ඇත. ආහාර ස්වෛරීත්වය පිළිබඳව සංවාදයට ලක් කොට වසර 25 පසිරෙන මෙවන් අවස්ථාවක ආහාර ස්වෛරීත්වය අපගේ මහ පොළොවේ පැළ කිරීමේ සැබැ අවශ්‍යතාවයක් අපට ඇත. ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට කාන්තාවන් වශයෙන් විශේෂ කා්යයක් ඇත. ආහාර ස්වෛරීත්වය හා කාන්තා දායකත්වය අතිශය වැදගත් භුමිකා දෙකකි. ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය පිළිබඳව කාන්තාවට ඇති වගකීම සුළු පටු නොවේ. මේ ආකාරයෙන් ආහාර ස්වෛරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කර වස විසෙන් තොර පෝෂදායි ආහාර වේලක් රස බැලීමේ අයිතිය පිළිබඳව 2021 ඔක්තෝම්බර් 17 වන දින පොළොන්නරුවේ වීරපැලැස්සේ මිරිදිය ධීවර සංවිධානයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් 18 පමණ සහභාගි වු අතර මිරිදිය ධීවර සංවිධානයේ සම්බන්ධිකාරක මනෝජ් පිරීස් මහතා සහ සජිවක කමනි මහත්මිය මේ අවස්ථාවට සම්පත්දායකත්වයෙන් සහයෝගය ලබා දෙන ලදී.