Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, 2021.10.17

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ධීවර කර්මාන්තය අතින් ඉතා වැදගත් මෙන් ම සංචාරක කර්මාන්තයෙන් ද පොහොත් ප්‍රදේශයකි. කෙසේ වුවත්,ආහාර ස්වෛරීත්වය, ආහාර අයිතිය හා ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව ඉතා ප්‍රබල ලෙස කතා බහක යෙදෙන මෙවන් කාල වකවානුවක කාන්තාවන් ආහාර ස්වෛරීත්වයේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් බොහෝ පිරිසගේ අවධානය යොමු නොවීම විශාල ගැටලුවකී. බහු ජාතික සමාගම් විසින් කරන ආහාර විනාශය හා ආහාර ගැටලු පිළිබඳව කිසිත් කතා නොකරන මෙවන් අවධියක කාන්තාව ආහාර නිෂ්පාදනයේදී හා ආහාර ස්වෛරීත්වයේදී ඔවුන්ට ඇති වන දුෂ්කරතා මෙන් ම එම දුෂ්කරතා මඟ හරවා ගනිමින් වඩා සඵදායී ආහාර ස්වෛරීත්වයක් බුක්ති විඳීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නට රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කරන්නට ත්‍රිකුණාමල දිස්ත්‍රික් උදයම් කාන්තා සමිතිය 2021 ඔක්තෝම්බර් 17 වන කටයුතු කරන ලදී. මේ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මාන 16 සක්‍රීය සාමාජිකත්වයක් දරන උදයම් කාන්තා සමිතිය විසින් ආහාර ස්වෛරීත්වයේදී කාන්තාවන් වශයෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම්වරයා ලියවිල්ලක් මඟින් දැනුවත් කරන්නට කටයුකු කරන ලදී. ඒ අනුව ධීවර කර්මාන්තයේ දී කරවල නිෂ්පාදනය, උම්බලකඩ නිෂ්පාදනය, ඇඔුල් තියල් නිෂ්පාදනය, විසිතුරු මසුන් ඇති කිරීම, ධීවර ආම්පන්න අලුත් වැඩියා කිරීම, සුළු ආහාර නිෂ්පාදකයින් වන (රෝල්ස්,පැටිස්,පිට්ටු,ඉදි ආප්ප) විවිධ කැඳ වර්ග හා බිම්මල් වගාකරුවන් ද සත්ත්ව හා කෘෂි කර්මාන්තයේ යෙදෙන සුළු ආහාර නිෂ්පාදකයින්ගේ ගැටලු හා ඒවාට ගත යුතු විසඳුම් යෝජනවලියක් මෙහිදි උදයම් කාන්තා සංවිධානයේ ඒ.ජේ.චිත්‍රා මහත්මියගේ සම ලේකම් පී.රානී සහ එම්.කාමිලා, නිෂාකා රංගිනි මහත්මිය ද සම්බන්ධ වූහ.