Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම,ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය මීගමුව-2021.10.17

ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය අවුරුදු 21 ක් පුරාවට මීගමුව ප්‍රදේශයේ ධීවර ධීවර කාන්තා, ගොවි, කම්කරු, වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා ගැටලු වෙනුවෙන් ගම්මාන 10 ක සමඟ එක්ව කටයුතු කරන සංවිධානයකි. විශේෂයෙන් සුළුපන්න ධීවරයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිමින් තිරසර ධීවර කර්මාන්තයක් ගොඩනැගීම සඳහා විවිධාකාර වැඩසහන් දියත් කරයි. 

කෙසේ ධීවර කාන්තාව මෙන් ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා ආහාර ස්වෛරීත්වය දිනා දීම හා සහතික කිරීම අරභයා ද ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය කටයුතු කරන අතර ලෝක ආහාර දිනයට සමාගාමීම සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් හා අනෙකුත් කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානය විසින් සකසන ලද ලියවිල්ලක් හා ඒ ලියවිල්ලට සමගාමීව සැකසු යෝජනාවලියක් මීගමුව ප්‍රාදේශීය ලේකම්වරිය වෙත බාර දීම 2021 ඔක්තෝම්බර් මස 18 වන දින සිදු කරන ලදී.

එම අවස්ථාව සඳහා එම සංවිධානයේ මූල්‍ය කළමනාකරු කේ.සෙබස්තියන් වින්සන් ප්‍රනාන්දු මහතා ද ග්‍රේස් මැටිල්ඩා මහත්මිය ද නිලන්ති මහත්මිය ද මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ. මෙම ලියවිල්ල තුළ අන්තර්ගත වු කරුණු අතර ග්‍රාමීය ණය බර සහ රට තුළ නිෂ්පාදනය හැකි ධීවර නිෂ්පාදන දේශීය වෙළඳපොල ආක්‍රමණය කිරීම නිසා ධීවර කාන්තාවන් මුහුණ පාන ගැටලු, කලපු ගොඩ කිරීම වැළැක්වීම හා කඩොලාන සුරක්‍ෂිත කිරීම, පොදු ස්ථානවල නීති විරෝධි හැසිරීමිවලට පියවර ගැනීම, දේශීය නිෂ්පාදන දිරි ගැන්වීම සුදුසුකම් අනුව පුහුණු ලබා දීම, ධීවර ආම්පන්න සඳහා නිසි මිලක් හා ප්‍රමිතියක් ඇති කිරීම, බහුදින ධිවරයින්ට පර්ල් නැව නිසා ඇති වු ආපාදා තත්ත්වය නිසා වන්දි ලබා දීමට කටයුතු කිරීම ආදි කරුණ රැසක් මෙම ලියවිල්ලේ අන්තර්ගත විය.