Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර ස්වෛරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, මඩකලපුව දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය - 2021.10.17

ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව කතිකාවට ලක් වී ඇති මෙවන් කාල වකවානුවක ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය දැනුවත්භාවය ජනතාව වෙත ලබා දිය යුතු හොඳම කාලයයි. මේ ආහාර අයිතිය සැබවින්ම අයිතිවාසිකමකි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් හා හිමිකමක් ඇත. සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින් ආහාර ස්වෛරීත්වය විශාල දායකත්වයක් සපයයි. ආහාර අයිතිය පිළිබඳව කාන්තාවට ඇති අයිතිය අති විශාල ය. කෙසේ වෙතත්, කාන්තාවන්ට ආහාර ස්වෛරීත්වය තහවුරු කරන්නට විශාල දායකත්වයක් සපයනු ලබයි. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම 2021 ඔක්තෝම්බර් මස 17 වන දින එම මඩකලපුව සර්වෝදය නගර් ප්‍රජා මධ්‍යස්ථාන ශාලාවේ දී පැවැත්විණ. මෙම අවස්ථාවේදී ඇසුරුම් කළ ගුණාත්මක බීජ ප්‍රදානය කිරීම සිදු විය ඒ සඳහා එම ව්‍යාපාරයේ නිරෝ මෙනවිය ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූවා ය.