Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, දකුණේ ධිවර සංවිධානය - 2021.10.17

ආහාර යනු අයිතියකි. ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගතයක් නැත. මෙවර ආහාර දිනයේ තෙමා පාඨය පදනම් කරගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම 2021 ඔක්තෝම්බර් මස 17 වන දින සිදු කෙරෙණි. ආහාර සුරක්‍ෂිතාවය ආහාර අයිතිය මෙන්ම ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට අපට බොහෝ දේ දිනා ගත යුතුව ඇත. ආහාර ස්වෛරීත්වයට සෘජුව උර දෙන සුළු ආහාර නිෂ්පාදකයා ආරක්‍ෂා කරගනිමින් කුසගින්න හා මන්දපෝෂණය තුරන් කරන්නට අප සියලු දෙනා කටයුතු කළ යුතුය පෙළ ගැසිය යුතුය. හඬ නැඟිය යුතුය. ආහාර ස්වෛරීත්වය අපට බන්දෙසියක තබා ප්‍රදානය කරාවී යන සිතුවිල්ල අප ඉවත් කොට ආහාර අයිතිය වෙනුවෙන් හඬ නැඟිය යුතුය. මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් දකුණේ ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ අදහසයි එම දිනයේම ආහාර ස්වෛරීත්වය තීව්‍ර කරන පැළ රෝපණය කිරීම පොල් පැළ බෙදා දීම හා පොල් පැළ රෝපණය කිරීම පිළිබඳව දැනුවත් කිරීම් හා දේශීය ඇසුරුම් කළ බීජ ප්‍රදානය කිරීම සිදු කරන ලදී.