Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කාන්තාවන්ට නිෂ්පාදන මාලිවලට ඇති අයිතිය තහවුරු කරමු, යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය - 2021.10.17

ලෝක ආහාර දිනයට සමගාමීව ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට කටයුතු කිරීම ආහාර ස්වෛරීත්වයට උර දෙන කාගේත් යුතුකමකි. ලෝකයේ ජිවත් වන සෑම මිනිසෙකුටම සුදුසු ආහාර වේලක් ලබා ගැනිත්‍ම් අයිතිය හා හිමිකම ඇත. ආහාර අයිතිය අද වන විට සුළු නිෂ්පාදකයාගෙන් බහු ජාතික සාමගම් වෙත විතැන්ව ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව මඟින් ලෝක ජනතාවගේ ආහාර අයිතිය සුරක්‍ෂිත කළ යුතුව ඇත. නමුත් සිදුවන්නේ බහුජාතික සමාගම්වල අනසකට යටත්ව කටයුතු කිරීමය. අද වන විට ලෝකයේ අනෙකුත් දෑ වාගේම ආහාරවලට පොහොරවලට ජනතාවට සටන් කිරීමට සිදුව ඇත. මේ කරුණු එසේ තිබියදී ආහාරවලට ඇති අයිතිය ජනතා ගත කරන්නට ඒ අයිතිය සුරක්‍ෂිත කරන්නට සෑම දෙනම පෙළ ගැසිය යුතුය. මේ සම්බන්ධයෙන් දැනුවත් කර ලෝක ආහාර දිනයේදී කාන්තාවන්ට ද ආහාර මාලිවල අයිතිය සුරක්‍ෂිත කිරීම පිළිබඳව සාකච්ඡාවක් 2021 ඔක්තෝම්බර් 17 වන යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේදී කාන්තාවන් 23 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා සම්බන්ධ විය.