Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම , කිලිනොච්චි දිස්ත්‍රික්කය - 2021.10.17

ආහාර අයිතියක් අනෙකුත් අයිතින් සේම කිසිදු පුද්ගලයෙකුට ආහාරවලට තිබෙන අයිතිය අහිමි කළ නොහැක. ආහාර ස්වෛරීත්ව හා ආහාර අයිතිය පිළිබඳව කතා කිරීමේදී කාන්තාවට හිමි වන්නේ සුවිශේෂි අයිතියකි. විශේෂයෙන් සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන්ගේ ජිවනෝපාය ආරක්‍ෂා කිරීම ඔවුන්ගේ දිවි පෙවෙත සහතික කිරීම රැකී රක්‍ෂා සහතික කිරීම හා ආහාර ස්වෛරීත්වය තහවුරු කිරීම මෙයට අදාළ වේ. මේ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කය බහුල ලෙස ධීවර කටයුතු සිදුකරන දිස්ත්‍රික්කකි මෙහිදි ධීවරයින් මෙන් ම ධිවර කාන්තාවන් ද විශාල වශයෙන් සිටින අතර ගොවීන් මෙන්ම ගොවි කාන්තාවන් ද සිටි. විශේෂයෙන්, කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් සුළු ආහාර නිෂ්පාදනය කරන කාන්තාවන්ගේ අයිතින් සුරක්‍ෂිත කිරීම උදෙසා යොජනා ලියවිල්ලක් 2021 ඔක්තෝම්බර් 17 වන දින අරුමුකරම් සදීෂ්වරම් මහතාගේ මූලිකත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ දී ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දෙන ලදී. මෙම යෝජනා ලියවිල්ලේ දී ඉඩම් අහිමි ජනතාව වෙත ඉඩම් ලබා දීමටත් වී වගාව සඳහා කුඔුරු නැති ජනතාවට කුඔුරු ලබා දීමටත්, ගොවීන්ට පුහුණ ලබා දීමත් පූ නගර් ප්‍රදේශයේ යල කන්නය සඳහා බීජ ලබා දීමටත්, පූ නගර් ප්‍රදේශය තුළ බීජ බැංකුවක් ආරම්භ කිරීම, අලි මිනිස් ගැටලුවට දුරු කරන්නට සැලසුම් නිර්මාණය කෘෂිකර්මාන්තය සඳහා ගෘහමූලික කාන්තාවන්ට ආධාර සැපයීම ධීවර කටයුතුවලට රජයේ සහනාධාර යටතේ ධිවර ආම්පන්න ලබා දීමට කටයුතු කිරීම පූනගරි ප්‍රදේශයේ එලකිරි නිෂ්පාදනය කිරි මණ්ඩලය හරහා කළමනාකරණ කිරීම ආදී යෝජනා ඉදිරිපත් කරන ලදී.