Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර ස්වෛරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, කිලිනොච්චි ධීවර සහයෝගිතා ව්‍යාපාරය - 2021.10.17

ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය අද වන විට බොහෝ පිරිස්වල කතා බහට හා අවධානයට පාත්‍රා වී ඇති අතර ඇත්ත වශයෙන් නූතන සමාජය තුළ ආහාර ස්වෛරීත්වය ස්ථාපිත වී තිබෙනවා ද යන්න සැක සහිතය. අද ලෝකයේ බොහා් පිරිස් කුසගින්නේ මිය යන අතර ප්‍රමාණවත් ආහාර වේලක් නොමැතිව බොහෝ පිරිස් මන්දපෝෂණයට ලක් වී ඇත. ආහාර ප්‍රමාණවත්ව ලබා ගත නොහැකි තැන මිනිස් අයිතිවාකම් උල්ලංඝණය වේ. කෙසේ මිනිසුන් වන අප සැම දෙනාට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමේ හා ඒ වෙත ප්‍රවේශ වීමේ ප්‍රබල අයිතියක් ඇත. ඒ අයිතියට එරෙහි වන කවුරු හෝ වේවා ඊට විරුද්ධව නැගි සිටිය යුතුය.මේ ආකාරයෙන් ආහාර ස්වෛරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම 2021 ඔක්තෝම්බර් 17 වන දින කිලිනොච්චි ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දී සිදඅ විය මෙම අවස්ථාව සඳහා කාන්තාවෝ 18 පමණ සම්බන්ධ වූහ මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා ද සම්බන්ධ විය.