Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම, දකුණේ ධිවර සංවිධානය - 2021.10.18

ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව සංවාද කරන කතිකාවතක යෙදෙන මෙවන් කාලයක ආහාර ස්වෛරීත්ව භුක්ති විදීමට නොහැකිව විවිධ අභියෝග හමුවේ දිවි ගෙවන ජනතාවගේ ආහාර අයිතිය මෙන් ම ආහාර ස්වෛරීත්ව සුරක්‍ෂා කිරීම සඳහා එම ජනතාව අත්විඳින ගැටලු හා අභියෝග සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය ද දැනුවත් කළ යුතුය. ඒ අනුව යමින් ගාල්ල දකුණේ ධිවර සංවිධානය විසින් ගාල්ල පේඩ්රූ වත්තේ ජනතාවගේ ආහාර අයිතිය හා එම ජනතාව මුහුණ ගැටලු සම්බන්ධයෙන් ලිවිල්ලක් දකුණේ ධීවර සංවිධානය මූලික කරගනිමින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දීමට 2021 ඔක්තෝම්බර් මස 18 වන දින කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා දකුණේ ධිවර සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංජිව මහතා ද තරුණ කටයුතු බාර නදීකා හේමමාලි මහත්මිය ද පේඩ්රූ ගම්මානයේ සාමාජියෙකු ද මේ අවස්ථාව සමඟ සම්බන්ධ වූහ. 

මෙම ලියවිල්ල බාර දීමේ දී රාජ්‍ය යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කළ සාධනීය පිළිතුර වූයේ එම ගැටලු සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනාවලියක් සාදා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර ලෙස සඳහන් කළ බව මෙහිදි් සඳහන් කළ හැක.