Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම, අම්පාර දිස්ත්‍රික්කය - 2021.10.18

ආහාර යනු ජිවියෙකුට සිය පැවැත්ම සහිතික කර ගැනීම සඳහා අත්‍යාවශ්‍යය සාධයකි. ඒ සාධකය ඇතැම් පුද්ගලයින්ට අඩු වැඩි වශයෙන් හිමි වන තත්ත්වයක් වර්තමානයේ අපට දැක ගත හැක. බොහෝ පිරිස් ආහාර අපතේ යොදවන අතර, ආහාර කසල ලෙස බැහැර කෙරෙන රටවල් ලොව නැතුවාම නොවේ. ආහාර මිනිසාගේ මෙන්ම, සත්ත්වන්ගේ ද පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයකි. ඒ අතර, ඇතැම් රටවල් ආහාර නොමැතිව ආහාර යදින අතර ලොව බොහෝ ළඳරුවන් කුඩා අවධියේ මන්දපෝෂණයට පවා ගොදුරු වන්නේ ඉතා අවාසනාවන්ත අයුරිනි. ආහාර අයිතියක් වුවත්, ඒ අයිතිය මිනිසාට අයිතියක් නොවීම ඛේදාත්තයකි. ආහාර අයිතිය, ආහාර සුරක්‍ෂිතතාවය, ආහාර ස්වෛරීත්වය යන සංකල්ප පිළිබඳව අවධානයට යොමු කරන මෙවන් කාලයක අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර ස්වෛරීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ප්‍රමුඛ එම ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් අලයාඩිවම්පු ප්‍රාදේශීය ලේකම්වරයා වන වී.බබාකරන් මහතා වෙත යෝජනාවලිය සහ ජනතාවගේ ආහාර ස්වෛරීත්වය තහවුරු කරන එම ලිපිය බාර දීම 2021 ඔක්තෝම්බර් 18 වන දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.