Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"සමාජ මාධ්‍ය හරහා ලේඛන ගත කිරීම, තොරතුරු බෙදා හැරීම, පිළිබඳව ධාරිතාව වර්ධනය කිරීම" පිළිබඳව දෙදින වැඩමුළුව, 2021.10.19/20

  

ඩී.විබු බාල ක්‍රිෂ්ණන් මෙනවිය

ඇන්තනී ජේසුදාසන් මහතා
 

IDEA ව්‍යාපෘතියේ සහයෝගීත්වයෙන්, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනතා අතර සංවාදයේ සංවිධනත්වයෙන්, "සමාජ මාධ්‍ය හරහා ලේඛන ගත කිරීම, තොරතුරු බෙදා හැරීම, පිළිබඳව ධාරිතාව වර්ධනය කිරීම" පිළිබඳව දෙදින වැඩමුළුව 2021 ඔක්තෝම්බර් 19 සහ 20 යන දිනවල මහනුවර, ඔරුතොට, චැලට් හිදී පැවැත්විණි. මෙම සමාජ මාධ්‍ය පුහුණුව තුළින් සමාජ මාධ්‍ය සහ සමාජ හේතු උපදේශනය හා සමාජ මාධ්‍ය අභියෝග හඳුනා ගැනීම, සමාජ මාධ්‍ය තුළ පල කිරීම, සමාජ මාධ්‍ය තුළ වීඩියෝ මුදා හැරීම, සමාජ මාධ්‍ය තුළ පෙත්සම් අත්සන් කිරීම හා දියත් කිරීම, සමාජ මාධ්‍ය සැලැස්මක් නිර්මාණය ආදී සමාජ මාධ්‍යවලට අදාළ කේෂත්‍ර ගණනාවක් මෙම වැඩමුළුව හරහා ආවරණය විය. මෙම දෙදින වැඩමුළුව සඳහා යාපනය, මන්නාරම කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල කාර්යය මණ්ඩලවල සාමාජිකයින් සහ තරුණ ස්වේච්ඡා සේවකයින් මේ සඳහා සහභාගි වූහ. එමෙන්ම, මෙහි සම්පත්දායකත්වය සහ පුහුණු සැසි මෙහෙයවීම ඩී.විබු බාල ක්‍රිෂ්ණන් මෙනවිය විසින් ද සියලුම සම්බන්ධිකරණය සහ පහසුකම් සැලසීම ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය පිළිබඳව ජනතා අතර සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද සහය හා අධීක්‍ෂණය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද උතුරු පළාත් වැඩසටහන් සම්බන්ධිකාරිනි හා ව්‍යාපෘති කළමානාකාරිනි ටී.දත්සා මෙනවිය ද ලබා දෙන ලදී. නූතන සන්නිවේදන තාක්‍ෂණය අතිශය දියුණුවෙන් දියුණුවට පත් වී ඇති මෙවන් යුගයක සමාජ මාධ්‍ය හරහා කළ හැකි කාර්යය වචනයෙනි විස්තර කර නොහැක. එම නිසා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම යුගයේ කාලෝචිත ක්‍රියාවක් මෙන් ම සංවිධානයේ කාර්යය සඳහා මනා තෝතැන්නක් වනවා නිසැකය.